gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුක්රේනයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් : යුක්රේන නායකයින් සොයා තුවක්කුකරුවන් වෙනම මෙහෙයුමක

යුක්රේනය ඉලක්ක කර රුසියාව ආරම්භ කළ හමුදා මෙහෙයුමේ සිව්වන දිනය අදයි. මේවනවිටත් රුසියානු හා යුක්රේන හමුදා අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 යුක්රේනයට ඇතුළු වූ රුසියානු හමුදාවේ ප්‍රධාන ඉලක්කය යුක්රේනයේ කිව් අගනුවර වුවත් එහි බලය අත්පත් කර ගැනීමට රුසියානු හමුදාවට මෙතෙක් හැකි වී නැහැ. ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ රුසියාව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා යුක්රේන හමුදාව ඉතා හොඳින් සංවිධාන වී ඇති බව හා රුසියානු හමුදාව ඉලක්ක කර යුක්රේනය දැඩි ප්‍රහාර එල්ල කිරීම ඊට හේතුව බවයි. 

කෙසේවෙතත් යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකටම ඇතුළු වෙමින් සිටින රුසියානු හමුදාවන් සිය ඉලක්ක වෙත ගුවනින් සහ ගොඩබිමින් දරුණු ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. 

යුක්රේන හමුදාව ද දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර කිව් අගනුවරට ඇතුළු වෙමින් තිබූ සතුරු යුද ටැංකි 56 කින් යුත් රථ පෙළක් යුක්රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හමුවේ පුපුරා ගොස් තිබුණා. එහිදී රුසියාවට සහය පළ කරමින් හමුදා මෙහෙයුමට එක්ව සිටින චෙච්නියානු විශේෂ ආරක්ෂක බලකායේ සාමාජිකයින් 100 කට අධික පිරිසක් මියයන්නට ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

එලෙස මියගිය පිරිස අතර චෙච්නියානු ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියෙකු සිටින බවටත් ඔහුගේ මරණය රුසියානු ජනාධිපතිවරයා වෙත එල්ල වුණු ප්‍රබල මානසික ප්‍රහාරයක් බවටත් විචාරකයින් පෙන්වා දෙනවා. 
යුක්රේනයට එරෙහි හමුදා මෙහෙයුම ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා දින කිහිපයක සිට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ යුක්රේනයට ඇතුළු වී සිටින සෑම රුසියානු ප්‍රහාරක භටයෙකුටම රුසියාව විසින් යුක්‍රේන රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් කාඩ්පත් ලබාදී  ඇති බවයි. ඔවුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලෙසට රුසියාවෙන් එම භටයින්ට නියෝග ලැබී ඇති බවත් ඒ අතර යුක්රේන ජනාධිපතිවරයා ද සිටින බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේවෙතත් ජනාධිපතිවරයා ආරක්ෂිතව අගනුවර රැඳී සිටින බවයි යුක්රේනය පවසන්නේ.

මේ අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ යුක්රේනයේ කිව් අගනුවරට ඇඳිරි නීතිය බලාත්මක කර තිබෙනවා. අගනුවර තුළ අඛණ්ඩව සයිරන් නලා හඬ නාදවන අතර එය මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බවට කෙරෙන අනතුරු ඇගවීමක්. ඒ අනුව අගනුවර මාර්ගයක කිසියම් හෝ පුද්ගලයෙකු රැඳී සිටියහොත් එම පුද්ගලයා රුසියානු හිතවාදියෙකු ලෙස සලකන බවයි කිව් අගනුවර නගරාධිපතිවරයා ජනතාවට දැනුම්දී ඇත්තේ. 

ඊයේ රාත්‍රියේ සිට කිව් අගනුවරට රුසියානු හමුදාවන්ගෙන් මිසයිල ප්‍රහාර එල්ල වන අතර නගරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් එම ස්ථානයට දැඩි හානි සිදුව ඇති අතර එහි තිබූ විකිරණශීලී ද්‍රව්‍ය කාන්දුවීම් හඳුනාගත හැකි උපකරණ විනාශ වී ඇති බැවින් දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේනයේ කිව් අගනුවරට දකුණු දෙසින් පිහිටි ඉන්ධන ගබඩාවකට ද රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් විෂ දුමාරය පිටවීමේ අවදානමක් මතුව ඇති බවයි නගරාධිපතිවරයා පැවසුවේ. රුසියානු හමුදාව විසින් යුක්රේනයේ කාකිව් නගරයේ පිහිටි ගෑස් නලයක් ද පුපුරවා හැර තිබෙනවා.

මේ අතර රුසියානු බැංකු ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් විසන්ධි කරමින් ස්විෆ්ට් මුදල් හුවමාරු පද්ධිතයෙන් එම බැංකු ඉවත් කිරීමට අමෙරිකාව, බි්‍රතාන්‍ය යුරෝපා සංගමය තීරණය කර කළා. මේ අතර බටහිර රටවල් රැසක් යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට ඉදිරිපත් ව සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර දින 04 ක් පුරා ක්‍රියාත්මක යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ සිවිල් වැසියන් පමණක් 240 ක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන පවසනවා ඒ අතරට ළමුන් තිදෙනෙකු ද අයත්. තවත් ලක්ෂ ගණනක් යුක්රේනයෙන් පළා යමින් සිටින ඒ අතර සිටින බහුතරය කාන්තාවන් හා ළමුන් වනවා. 

ඔවුන් මේවනවිට පෝලන්ත හා මෝල්ඩෝවා රාජ්‍යයේ දේශ සීමා හරහා රටින් පිටව යමින් සිටිනවා. එලෙස පැමිණි පිරිස හේතුවෙන් මෝල්ඩා්වා දේශසීමාවේ පැය 27 ක පෝළිමක් පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka