gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'උඹ අපේ අනාගතයක් නැති කරා... රටේ අනාගතයත් නැති කරා' - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

මේ වසර අග වනවිට ඩොලරයේ අගය රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පවසන්නේ මේ වසර තුළ ඩොලර් බිලිය හයක ණයක් ගෙවීමට ඇති අභියෝගය හමුවේ  වැරදි කරුවන් සෙවීම පසෙක තබා ප්‍රශ්නයෙන් පැන යන්නේ නැතිව අර්බුදයට විසඳුම් සෙවීම කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් මේ රටේ මේ රටේ තරුණ ජනතාව ඔවුන්ගේ අනාගතය සහ රටේ අනාගතය නැතිකිරීම සම්බන්ධව සියලු දෙනාටම සාප කරනු ඇති බවත්ය.

හිටපු අගමැතිවරයා කියන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් කැඳවා මූලික ප්‍රතිපත්තියකින් පොදු එකඟතාවයකට පැමිණිය හැකිදැයි  විමසා බැලීමට අවධානය යොමු විය යුතු බවය.

හිටපු අගමැතිවරයා මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

ආර්ථිකය පිරිහෙනවා. ඩොලරයේ අගය ඉහළ යනවා. මේ යන විදිහට ඩොලරයේ අගය රුපියල් දෙසීය හැත්තෑපහටත් යන්න පුලුවන්. එතනින් නවත්වා ගත්තෙ නැතිනම් තුන්සීය දක්වා යනවා මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සරවෙලා.

දිළිඳු ජනගහණය ලක්ෂ පහකින් වැඩි වෙලා මේ වකවානුවෙදි. මධ්‍යම පන්තිය කඩා වැටිලා අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ගොවිතැන විනාශ වෙලා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගෙ වැඩ කටයුතු කරන‍්න භාණ්ඩ ලබාගන්න බැරිවෙලා තිබෙන්නෙ.

මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම ඩොලර් බිලියන හයක ණය ගෙවන්න තියනවා. අපි තාම අයිඑම්එෆ් එක්ක සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා ජූනි සහ ජූලිවලට ණය ගෙවන්න අපට මුදල් හොයාගන්න තිබෙනවා.

ගිය දෙසැම්බර් මාසයෙ අයි.එම්.එෆ් කණ්ඩායම ලංකාවට පැමිණියා. එම වාර්තාව එන සතියෙ ඉදිරිපත් කරනවා කියලා තමයි අපි දැනගෙන ඉන්නේ.

ඒ වාර්තාව ලැබුණ ගමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ ගැන අපි විවාදයක් පවත්වමු.  මේ තත්වයට කවුද වගකියන්නෙ කියලා හොයන්න වැඩක් නෑ. දැන් තියන වාර්තාවෙ යෝජනා අනුව අපි සාකච්ඡා කරමු.

එතැනින් අපි බලමු මූලික ප්‍රතිපතිත් ගැන පොදු එකඟතාවයකට එන්න පුලුවන් ද කියලා.

අපි එතනින් පැනලා ගියොත් මේ රටේ තරුණ තරුණියො අපට සාප කරයි උඹ අපේ අනාගතයත් නැති කළා, රටේ අනාගතයත් නැති කළා කියලා අපට බනී. ඒ නිසා අපි මේ වගකීම ඉෂ්ට කරන්න උවමනයි. “


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka