gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චමුදිතගේ අසූචි පුහාරය ගැන කියන්න පුෂ්පිකා පොලිසි ඇවිත් නෑ!

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවෙසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකාද සිල්වා මහත්මියට ඊයේ (23) පිළියන්දල පොලිසිය හමුවේ පෙනී සිටීමට දැනුම් දී ඇතත් ඇය ඒ සඳහා නොපැමිණි බව පිළියන්දල පොලිසිය කියයි.

ඇය නියෝජනය කරමින් නීතිඥ සරිත් පතිරත්න මහතා පොලිසිය වෙත පැමිණ ස්ථානාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඊයේ (23) පුෂ්පිකා ද සිල්වා මහත්මියට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. ඊයේ 23 වැනිදා ඇයට පැමිණීමට අපහසු තත්ත්වයක් තිබෙනවා. එයට හේතුව චන්දිමාල් ජයසිංහ මහත්මාට විරුද්ධව අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයකු සමඟ නීතිඥ හමුවක් අද දිනයේ පැවැත්වෙන බැවින් ඒ සඳහා ඇය සහභාගි වන බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා මෙම මස 28 වැනිදා පෙරවරු 10ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දින ලබා දෙනු ලැබුවා.

චමුදිත මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයන් 32 කින් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් ගමන් කළ බවට දැක්වෙන වාහනයේ සැක කළ හැකි දර්ශන 26 කට ආසන්න ප්‍රමාණයක් මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශය වෙත යොමු කර ඇත.

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka