උදේ කපන්නේ නෑ කියපු එක හවස වෙනස් වෙයි... අද ලංකාවටම පැයක් කපයි... දකුණට විතරක් පැය 3ක් කපයි!
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමක් අනුව ඊයේ සවස ප්‍රකාශ කළඅද දිනයට නියමිත දෛනික විදුලි කප්පාදු කිරීමේ කාල සටහන වෙනස් කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත.
විදුලි ජනනය කිරීමේ ඇතිවී තිබෙන ගැටළු කිහිපයක් හේතුවෙන් දකුණු පළාත හැර දිවයිනේ සෙසු පළාත්වලට හෙට දිනයේදී පෙරවරු 8.30 ත් පස්වරු 7.30ත් අතර කාලයේදී පැයක විදුලි කප්පාදුවක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.
මේ අතර දකුණු පලාතට පමණක් හෙට දිනයේදී පෙරවරු 8.30 – පස්වරු 4.30 අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටී.
මිට පෙර මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ අද දිනයේදී දකුණු පලාතට පමණක් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවත් සෙසු පළාත් සඳහා විදුලි කප්පාදුවක් කිරීමට අවශ්‍ය නොවන බවත්ය.
උදේ කපන්නේ නෑ කියපු එක හවස වෙනස් වෙයි... අද ලංකාවටම පැයක් කපයි... දකුණට විතරක් පැය 3ක් කපයි!
2022-02-21T08:11:00+05:30
Gossip Lanka Hot News




