74 වැනි ජාතික නිදහස් දිනය අදයි
74 වන ජාතික නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී මේ වනවිට ආරම්භ වී ඇත.
නිදහස් උළෙල අභිමානවත්ව සැමරීම සඳහා නිදහස් දින පෙළපාළියට හමුදා සන්නාහ සන්නද්ධ රථ 111 ක්, නියමුවන් 50ක් සහිත ගුවන් යානා 26ක්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු (P 626) නෞකාව ප්‍රමුඛ නාවික යාත්‍රා එක් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 3,463 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින් 919 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ගුවන් භටයින් 804 ක්, පොලිස් නිලධාරීන් 363 ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ 282 ක්, කාර්ය සාධක බලකායේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් 437 දෙනෙක් සමග ජාතික ශිෂ්‍යභට බලකායේ ශිෂ්‍ය භටයින් 257 දෙනෙක් නිදහස් දින සමරු උත්සවයට සහභාගී වීමට නියමිතව ඇත.
74 වැනි ජාතික නිදහස් දිනය අදයි
2022-02-04T08:57:00+05:30
Gossip Lanka Hot News





