ගීතාගේ ගෙදරට පැන ණය ඉල්ලා මරණ තර්ජන කරලා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට බැණවැදී මරණීය තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වූ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තොටකනත්ත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරු මන්ත්‍රීවරියගේ නිවසට ගොස් ණය මුදලක් ලබා නොදීම පිළිබඳව ඇයට බැන වැදී මරණීය තර්ජනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය සඳහන් කළේය.
ගීතාගේ ගෙදරට පැන ණය ඉල්ලා මරණ තර්ජන කරලා
2022-02-21T12:39:00+05:30
Gossip Lanka Hot News




