gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිකරණ නියෝග මුලුමනින් පැහැර හැරලා… ආරක්ෂාව ලැබී නැතැයි චමුදිතගෙන් පොලිසියට පැමිණිල්ලක්!

සුදුසු ආරක්ෂාවක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබුණත් මේ වනතුරුත් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර නැතැයි  ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

මැර ප්‍රහාරයකට ලක්වූ මාධ්‍යවේදී චමුදිත සරවික්‍රමගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන්  වගකිව යුතු බවත් ඔහුට වහාම  ආරක්ෂාව  ලබා දීමට කටයුතු කරන ලෙසත්  කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය   පොලිසියට නියෝග කළේ පසුගිය 18 වැනිදා ය.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා ඇතුළු නීතිඥවරු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් අනාරක්ෂිතව ඇති චමුදිත සමරවික්‍රමගේ ජීවතාරක්ෂාව පිළිබඳ  වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඉදිරිපත් කළ මෝසමේ  කරුණු සලකා බලමිනි.

එම නියෝගය අනුව චමුදිත සමරවික්‍රමට පසුගිය 18 දා  සිට පොලිස් ආරක්ෂාව ලැබීමට නියමිත විය.

එදිනම පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ  කැස්බෑව මාහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන්  නියෝගය   පොලිසියේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය වෙත ලැබුණු බවය.

උක්ත අධිකරණ   නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා  පොලිස්පතිවරයා   මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් මගපෙන්වීමක් ඉල්ලා සිටියේ මේ අතරය. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සුදුසු   ආරක්ෂාව පිළිබඳව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ උපදෙස් පතා  තිබිණි.

සුදුසු ආරක්ෂාව පිළිබඳව එම  අධිකාරියෙන් උපදෙස් ලැබෙන තෙක් අමාත්‍යංශය පොලිස්පතිවරයාට දන්වා තිබුණේ  චමුදිත සමරවික්‍රමට  නිසි ආරක්ෂාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසය.

ඒ අනුව පොලිස්පති නියමයෙන්  බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත චමුදිතගේ  නිවසට රැකවරණය ලබා දීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එහෙත් චමුදිත සමරවික්‍රම අද  වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට   ලිඛිතව පැමිණිලි කරන්නේ තමන්ට අධිකරණයෙන් නියම කළ, පොලිස් මාධ්‍ය අංශය මගින් රටට දැන්වූ කිසිම ආරක්ෂාවක් අධිකරණ නියෝගය ලබා දී වී සතියක් ඉකුත් වී තිබියදීත් ලැබී නැති බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka