gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත් නිශාන්ත ලන්සාට කුඩුවෙන්න ගහද්දී ඩලස් ලන්සා බේරගන්න පෙරට එයි! ලන්සා දේශපාලන සොල්දාදුවෙක්ලු

මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දැක්වීමක් කොට ඇත.
ඒ, පසුගිය දිනෙක සීනෝර් ආයතනයේ පැවැති උත්සවයකදීය.

එහිදී අලහප්පෙරුම මහතා ලන්සා මහතා හදුන්වා තිබුණේ ‘දේශපාලන සොල්දාදුවෙක්’ (පොලිටිකල් සෝල්ජර්) බවය.

‘ලන්සා වගේ කෙනෙක්ට එහෙම වෙන්න මොනව හරි ලොකු ප්‍රශ්නයක් ඇති. හැබැයි මම එකක් දන්නවා. ලන්සා කියන්නේ හොඳ දේශපාලන සොල්දාදුවෙක්. පොලිටිකල් සෝල්ජර් කෙනෙක්. මම එහෙම කියන්නේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණාට පස්සේ අපි ඔක්කොම හිටියෙ විපක්ෂයෙ. ඒ වෙද්දි බැසිල් හිටියෙ රට. හැබැයි බැසිල් ලංකාවට එද්දී ඒ තිබ්බ වාතාවරණයත් එක්ක බැසිල්ව පිළිගන්න ලන්සා ගම්පහෙන් 1500ක 2000ක කණ්ඩායමක් අරන් එයාර්පෝට් එකට ගියා. ඒ වෙලාවෙ කාටවත් එහෙම කරන්න හයියක් තිබ්බෙ නෑ. ඒකයි මම කියන්නේ ලන්සා කියන්නේ හොඳ පොලිටිකල් සෝල්ජර් කෙනෙක් කියලා. දේශපාලනය කරද්දී ඒ වගේ සෝල්ජර්ස්ලා අවශ්‍යයි. ඒ වගේ අය නැතිකරගන්න එක පාඩුයි.’

කෙසේවෙතත් පසුගිය දිනෙක සනත් නිශාන්ත නිමල් ලන්සාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් කියා සිටීයේ ‘මම උඹට කුඩුවෙන්න ගහනවා…’ යැයි කියාය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka