ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බේ මේ දෙන්නා! ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක තෑග්ගක්!
පානදුර මූලික රෝහල ඉදිරිපිට දී ගිලන්රථ රියදුරෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකිරීමට තැත්කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප පොලිසිය විසින් අද මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිසිය අපේක්ෂා කරයි.
මෙම සැකකරුවන් පිලිබඳව තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර පළාත අපරාධ දිසාව – 071-8592686
අධ්‍යක්ෂ, කළුතර අපරාධ කොට්ඨාසය – 071-8592745
ඇම්බියුලන්ස් එකට වෙඩි තිබ්බේ මේ දෙන්නා! ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක තෑග්ගක්!
2022-02-01T19:51:00+05:30
Gossip Lanka Hot News





