මහින්දට අගමැතිකමෙන් අස්වෙන්නැයි බලපෑම් කරන පිරිසක්.. අස් කරන්න හදන පිරිසක්…- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (video)
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ධුරයෙන් අස්වෙන්නැයි බලපෑම් කරන්නේ කවුදැයි සොයා ගත යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මෙසේ කියා සිටියහ.
‘රටේ පැතිරෙනවා අගමැති තුමා අස්වෙලා කියලා ඇහුවා. මං අගමැති තුමාගෙන් ඇහුවා එහෙම දෙයක් තියනවද කියලා. එතුමා දන්නෙත් නෑ. අගමැති තුමා කිව්වා මගේ අස්වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ අස්වෙන්න උවමනාවකුත් නැහැ කියලා.
ඇත්තම අපට හොයන්න ඔ්න අගමැතිතුමාට අස්වෙන්න බල කරන්නේ කවුද කියලා. මොකා බලපෑම් කළත් කවුරු තර්ජන ගර්ජන ගෝරනාඩු පැවැත්වුවත් අගමැතිතුමා අස්වැන්නෑ. අස් වෙනවා නම් අපට කියලයි අස්වෙන්නේ.
අස් කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් අපි ඔවුන්ට කියනවා වහෙන් ඔරෝ නොකියා ‘මහින්ද දැන් හිටිය ඇති වහාම අස්වෙයන්’ කියලා කෙලින් කියන්න.
නමුත් මේ රටේ ජනතාව මහින්ද මහතාට අස්වෙන්න දෙන්නෙත් නෑ. එතුමා අස් වෙන්නෙත් නැහැ’
මහින්දට අගමැතිකමෙන් අස්වෙන්නැයි බලපෑම් කරන පිරිසක්.. අස් කරන්න හදන පිරිසක්…- මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (video)
2022-01-04T07:07:00+05:30
Gossip Lanka Hot News




