gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

(EXCLUSIVE) මිල්කෝ සභාපති ගෙදර යැව්වෙ මෙන්න මේ ඇමතිලු

පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කළේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතායි. එවන් සාර්ථක ගමනක් ගිය වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කොට එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතාව පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පත්වීමේ ලිපිය

ඒ සඳහා වන පත්වීමේ ලිපියද රේණුක පෙරේරා මහතා වෙත ලබා දී ඇති මුත් ඔහු තවමත් එම ධූරයේ වැඩ කටයුතු භාර ගෙන නැහැ.

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම පිටුපස විවිධ අයගේ නම් කියවෙනවා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගම මහතාට දැඩි අවශ්‍යතාවයක් තිබූ බවයි.

සභාපති ගැන මතය

මීට වසරකට පමණ පෙර සිටම අලූත්ගමගේ අමාත්‍යවරයා වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය සුදුසු වේලාවක් එනතුරු බලා සිටි බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

වික්‍රමසිංහ මහතා දක්ෂයකු වුවද ඔහුගේ සභාපති ක්‍රියා පිළිවෙත දේශපාලන අධිකාරිය සමග ගැලපෙන්නේ නැති බව අලුත්ගමගේ අමාත්‍යවරයාගේ මතය වී තිබෙනවා.

මිල්කෝ ආයතනයේ ආණ්ඩුවට හිතැති වෘත්තිය සමිතිද සභාපතිවරයාට එරෙහිව පෙළ ගැස්වීමට අලුත්ගමගේ ඇමතිවරයා කලක පටන් කටයුතු කරන බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මිල්කෝ ආයතනය භාරව සිටින්නේ ඩී.බී.හේරත් රාජ්‍ය අමාත්‍යවරයා වුවද එම විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

විකල්ප කණ්ඩායම

ඒ හැරුණු කොට වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන යුතුකම සංවිධානයයි.

එම සංවිධානයද ආණ්ඩුවේ ඇතැම් ජනතා විරෝධී ක්‍රියා විවේචනය කරන කණ්ඩායමක් මෙන්ම ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ක සහභාගිත්වයෙන් යුත් විකල්ප කණ්ඩායමේ සාමාජිකයෙක්.

වික්‍රමසිංහ මහතා මිල්කෝ ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු රු. මිලියන 2000 කට අධික වාර්ෂික පාඩුවක් ලැබූ එම ආයතනය 2020 හා 2021 වර්ෂවල රු. මිලියන 800 ඉක්මවා ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කළා.

-asianmirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka