ශ්‍රීලනිපය 18දා පාර්ලිමේන්තුවේ කැරැල්ලකට ලෑස්ති වෙයි!
පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වන ලබන 18 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැරැල්ලක් ගැසීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් රාජාසන කතාව පැවැත්වීමෙන් පසු ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට සැලසුම් කර ඇති බව එම ආරංචිමාර්ග සදහන් කරයි.
එසේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ඔවුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.
එසේ වුවහොත් බොහෝදුරට ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය එදිනම අහිමිවීමට නියමිතය.
ශ්‍රීලනිපය 18දා පාර්ලිමේන්තුවේ කැරැල්ලකට ලෑස්ති වෙයි!
2022-01-15T09:44:00+05:30
Gossip Lanka Hot News




