gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එදා නීතිය හා සාමය ඇමති මම උනා නං මෛත්‍රී හිරේ!

යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණි. සරත් ෆොන්සේකා මහතාද එම දිනවලදී ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවයි. කෙසේ නමුත් ඔහුට එම අමාත්‍ය ධුරය නොැලබිණි.

අම්බලන්ගොඩදී පැවති සමගි ජන බලවේගයේ රැස්වීමකදී, නීතිය හා සාමය අමාත්‍ය ධුරය අහිමි වීමට හේතුව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. ඔහු පවසන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තමාට එම අමාත්‍ය තනතුර ලබාදීමට දැඩි විරෝධයක් දැක්වූ බවයි.

තමා නීතිය හා සාමය ඇමතිවරයා වූයේ නම් හිටපු ජනාධිපතිවරයා සිරගත කරන බව පවසන ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි. ‘එයාට ඇමතිකම දුන්නොත් එයා මුලින්ම කරන්නෙ මාව හිරේ දාන එක’ යැයි යහපාලන රජයේ මැති ඇමතිවරුන් සමග හිටපු ජනාධිපතිවරයා පවසා තිබූ බවද ෆොන්සේකා මහතා පවසනවා.

එවැනි සෘජු තීරණ නොගෙන රට නිවැරදි දිශාවට ගෙනගිය නොහැකි බවත්, යහපාලන ආණ්ඩුවට ගෙදර යාමට සිදු වූයේ ඒ නිසා බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසනවා.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka