gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ජනමත විචාරණ මුට්ටියට එරෙහිව උතුර දකුණ එක්කරන බලගතු විද්වත් මෙහෙයුමක්!

මේ දිනවල ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ. ජනාධිපතිවරයාද පසුගිය සතියේ ප්‍රසිද්ධියේම කියා සිටියේ කොරෝනාව හේතුකොටගෙන ගෙවී ගිය වසර දෙකක කාලය යළි ලබා ගැනීම සදහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට එක්තරා තරුණයකු ‌තමන්ට යෝජනා කළ බවකි.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ මෙම ජනමත විචාරණ යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේද ඇතැම් පක්ෂ මේ වනවිට සිය විරෝධය පළ කොට ඇති බවක් දැනගන්නට තිබේ.

එපමණක් ‌නොව එම යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ සියලුම පක්ෂ එකමුතු කිරීම සදහා ප්‍රබල ව්‍යාපාරීකයන් ඇතුලු විද්වත් කණ්ඩායමක් දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇති බවද වාර්තා වේ.

ඔවුන් දැනටමත් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය අතුලු සුලු පක්ෂ නායකයන් මුණගැසී සාකච්ජා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම දැනටමත් ආණ්ඩුව සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ප්‍රසිද්ධියේම කියා සිටියේ ජනමත විචාරණ යෝජනාවක් පැමිණියහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවකි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ජනමත විචාරණ යෝජනාවට එරෙහිව මේ වනවිට විපක්ෂයේ දේශපාලන සන්ධානයක් බිහිවෙමින් පවතින බව දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka