“මෝඩ යකා” මෙහෙම නම් උගත් යක්කු කෝටි කීයකට වැඩේ දෙන්න ඇද්ද?
“මෝඩ යකා” කෝටි තුනහමාරකට වැඩේ දුන්නා නම් “උගත් යක්කු” ජනතා මුදල් කෝටි කීයකට වැඩේ දෙන්නට ඇද්දැයි සිතාගන්නට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
අද පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
වෙනත් රස්සාවකුත් නැති හිටපු ජනාධිපතිවරයා මේ සා මුදලක් බැංකුවේ දමාගෙන ජීවත් වුණේ කෙසේ දැයි සෙවිය යුතු බව ද රංගේ බණ්ඩාර මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංග බණ්ඩාර මහතා කීවෙි මෝඩ යක්කුත් උගත් යක්කුත් දෙගොල්ලොම ජනතා මුදල් සූරා කා තිබෙන බව පැහැදිලිවම ඔප්පු වෙන බවයි.
“මෝඩ යකා” මෙහෙම නම් උගත් යක්කු කෝටි කීයකට වැඩේ දෙන්න ඇද්ද?
2022-01-26T14:36:00+05:30
Gossip Lanka Hot News




