gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිගෙන් ලුණු සභාපතිට මරණ තර්ජන – පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දුට එරෙහිව හම්බන්තොට රාජ්‍ය ලුණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳභරණ ඊයේ (17) සවස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ලේවායෙන් කුණු කොල්ලයට ලුණු තොග ලබා ගැනීමට කළ ඉල්ලීමකට කන්නොදීම නිසා නගරාධිපතිවරයා විසින් තමන්ට කරන ලද මරණ තර්ජනයක් හා ඉකුත්දා ලේවායේ වාහනයකට පහර දී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට කරන ලද පැමිණිලිවලට මේ දක්වා කිසිදු පියවරක් නොගැනීම නිසා මෙසේ පොලිස් මූලස්ථානයට එම පැමිණිලි ඉදිරිපත් කරන බව සභාපතිවරයා පැවසීය.

තමන් මිය යන්නට බිය නැති නමුත්, ඉතා අපහසුවෙන් ගොඩනගා ලාභ ලබන තත්ත්වයට ගෙන ආ හම්බන්තොට ලුණු ලේවාය මාෆියාකරුවන්ට ගොදුරු කර ගැනීමට ඉඩ නොදෙන බවද හෙතෙම මෙහිදී පැවසීය.

-emanisa


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka