gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ළඟදීම සිරගෙට! රහස් සැලසුම ලීක් වෙයි! (AUDIO)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාවරණය කරනවා. එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව හෙළිකොට සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක් වෙමින්.

ඒ සඳහා වූ සැඟවුණු වැඩපිළිවෙළක් මේවන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු අනාවරණය කළා.

සැලසුම පිටුපස ඉන්න අය

එලෙස ඔහු සිරගත කිරීමේ සැලසුම පිටුපස ඇති හේතුව සිරිසේන මහතා වර්තමාන ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම බව යි ජයසේකර මහතා අවධාරණය කළේ.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම අභියෝගය බාරගෙන ඇති බවත් පක්ෂයක් ලෙස ද එයට සූදානම් බවත් නිදහස් පක්ෂ මහලේකම්වරයා පෙන්වා දුන්නා.

සිරිසේන මහතා සිරගත කිරීමේ සූදානම පිටුපස සිටින්නේ කවුරුන්දැයි තම පක්ෂය හොඳින් දන්නා බව ද ඔහු ප්‍රකාශ කොට සිටියා.

නිසි වේලාව පැමිණි පසු එම පුද්ගලයින් කවුරුන්දැයි හෙළි කරන බව යි දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

ඉහත කී අයුරින් සැලසුමක් ක්‍රියාත්මකවන පසුබිමක සිරිසේන මහතාව සිරගත කළ යුතු බවට රජයේ ඇතැම් මැති ඇමතිවරු ප්‍රසිද්ධියේම පවසා ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

අත් - පොහොට්ටු ගැටුම

වර්තමාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ බලය හොබවන ප්‍රධාන පක්ෂයවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මතභේදාත්මක වාතාවරණයක් හටගෙන ඇත්තේ කාලයක සිට යි.

ආණ්ඩුව තුළ සිටිමින්ම දයාසිරි ජයසේකර මහතා ඇතුළු නිදහස් පක්ෂ මැති ඇමතිවරු ආණ්ඩුව විවේචනය කිරීම සිදුකළ අතර මෑතක සිට එම විවේචන දරුණු වී තිබෙනවා.

නිදහස් පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ද මේවන විට නිරන්තරයෙන් ආණ්ඩුව තුළ සිටින පාර්ශව වලට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන අතර වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් ඔහුගේ එම ප්‍රහාරයන්හි ඉලක්ක බවට පත් වූවා.

මෙවන් පසුබිමක පොදුජන පෙරමුණු පාර්ශවය නියෝජනය කරන මැති ඇමතිවරු ද ප්‍රසිද්ධියේ නිදහස් පක්ෂය ඉලක්ක කර ගෙන දැඩි විවේචන එල්ල කරමින් පවතින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා පවසන්නේ නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ සිටිය නොහැකි නම් ඉවත් වී යා යුතු බව යි.

ඉවත්වන දිනය

මේ අතර දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමන් ආණ්ඩුවෙන් ඉවත්වන දිනය නිශ්චිතව පැවසීමට තමන් හට නොහැකි බව යි.

කෙසේ වෙතත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කිරීමට පෙර සිය පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ නායකයින් පියවර ගැනීමට ද ඉඩ කඩ පවතින බව යි ඔහු පෙන්වා දෙන්නේ.

තම කණ්ඩායම ආණ්ඩුව තුළ තවදුරටත් සිටින්නේ තනතුරුවලට ලෝබකමකට නොවන බවත්, මෙය තම පක්ෂය විසින් තැනූ ආණ්ඩුවක් බවත් ඔහු පවසනවා.

නමුත් ආණ්ඩුවෙන් වහාම ඉවත් විය යුතු බවට ගම් මට්ටමේ පාක්ෂිකයින් පක්ෂයේ ඉහළ පෙළින් ඉල්ලීම් කරන බව ද ඔහු සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka