‘වෙල්ගම ගේ නඩුව පවත්වාගෙන යනවා. වෙනත් නඩු 11 ක් ඉල්ලා අස්කර ගන්නවා.’ අල්ලස් කොමිසම ඊයේ අධිකරණයට දැනුම් දෙයි.
ගෙවුණු දෙවසර තුළ අල්ලස් කොමිසම, ඔවුන් පැවරූ නඩු 50 ක් පමණ ඉල්ලා අස්කරගෙන
අල්ලස් කොමිසම මගින් ඊයේ දිනයේ දී තවත් නඩු 11 ක් ඉල්ලා අස්කරගෙන ඇති බව පැවසේ.
කෙසේ වෙතත්, උපසභාපති තනතුරක් ඇති කර, ලංකා ගමනාගමන මණ්ඩලයට සිය හිතවතෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී තිබේ.
අල්ලස් කොමිසම – හිතෙන හිතෙන වෙලාවට නඩු පැවරීම සහ පසුව එම නඩු ඉල්ලා අස්කර ගැනීම නිසා අගතියට පත්වන වන පාර්ශ්වයන්ට වග කියන්නේ කවුදැයි, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික සී රාගල මහතා, අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් එම මොහොතේ දී විමසා ඇති බව අද දිවයින පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
විත්ති පාර්ශ්වයෙන් ඉල්ලීම් ඉදිරිපත්ව නැති අවස්ථාවල පවා, අල්ලස් කොමිස, ඔවුන් පැවරූ නඩු ඉල්ලා අස්කරගන්නා බවක් තමන්ට පෙනී ගොස් ඇතැයි ද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තුමා පවසා තිබේ.
අල්ලස් කොමිසම සෑම විටකම එසේ කටයුතු කරන්නේ දැයි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්තුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසා තිබේ.
ගෙවුණු දෙවසර තුළ අල්ලස් කොමිසම, ඔවුන් පැවරූ නඩු 50 ක් පමණ ඉල්ලා අස්කරගෙන ඇති බව පුවත්පත වාර්තා කරයි.
-headlinenews
‘වෙල්ගම ගේ නඩුව පවත්වාගෙන යනවා. වෙනත් නඩු 11 ක් ඉල්ලා අස්කර ගන්නවා.’ අල්ලස් කොමිසම ඊයේ අධිකරණයට දැනුම් දෙයි.
2022-01-23T07:44:00+05:30
Gossip Lanka Hot News





