gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි... ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – ජගත් කුමාර

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

”කාදිනල්තුමාට පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි, කාදිනල් ධුරයට අපේ මහ විශාල ගෞරවයක් තියෙනවා. ඉතිං ඒ ගෞරවය පිළිබඳ ප්‍රශ්නෙකුත් එනවා යම් යම් ප්‍රකාශ එතුමා හිතලා බලන්නැතුව කියනවාද කියලා. අනිත් පැත්තෙන් පොලිසියටත් යම්කිසි දෙයක් කරන්න කාලවේලාවක් දෙන්න ඕනෑ. මං හිතන්නෙ එතුමාගෙ ප්‍රකාශය ටිකක් ඉක්මන් වුණාද මේ කියපු දේවල් කියලා හිතෙනවා. මොකද, යම්කිසි කාලයක් නොදී මේක කියපු එක”

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka