GMOA එක රටේ නීතියටත් උඩින් යයි... වෛද්‍ය ජයරුවන් ඇතුලු 11ක් දොට්ට දමයි... රෝහල් අධ්‍යක්ෂවරුත් ඒ අතර!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන නිලධාරී මණ්ඩලයට විරුද්ධව ක්‍රියා කළ සහ ඔවුන්ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය දිලංක තිලකරත්න, වෛද්‍ය තරින්ද වීරසිංහ ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ බව කියන විධායක සභාව විසින් එම සංගමයට විරුද්ධව කටයුතු කළා යැයි චෝදනා කරන වෛද්‍යවරුන් එකොළොස් දෙනෙකු සංගමයේ සාමාජිකත්වයෙන් මෙලෙස ඉවත් කර තිබේ.
මෙම වෛද්‍යවරුන් අතර රෝහල් පද්ධතිය තුළ සිටින වෛද්‍ය අධිකාරීවරුන් සහ අධ්‍යක්ෂවරුන් ද නියෝජනය කරන අතර ඔවුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍ය නිලධාරීන් මවිතය පළ කර සිටිති.
ඊට හේතුවන්නේ අභියාචනාධිකරණයේ විභාග වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අභියෝගයට ලක්කර ඇති සහ මොරටුව දිසා අධිකරණය විසින් එම නිලධාරී මණ්ඩලයේ බලය බලරහිත කර ඇති පසුබිමක් තුළ මෙම ඉවත් කිරීම සිදු කිරීම ය.
එම වෛද්‍යවරුන් එකොළොස් දෙනාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයා වන වෛද්‍ය සේනෙල් ප්‍රනාන්දු විසින් සංගම් සාමාජිකත්වය තහනම් කළ බවට ඔවුන්ට මේ වන විට ලිඛිත දැනුම් දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ආරංචිමාර්ග පැවසීය.
GMOA එක රටේ නීතියටත් උඩින් යයි... වෛද්‍ය ජයරුවන් ඇතුලු 11ක් දොට්ට දමයි... රෝහල් අධ්‍යක්ෂවරුත් ඒ අතර!
2022-01-26T10:17:00+05:30
Gossip Lanka Hot News





