ලංකා විදුලිබල මණ්ඩලයේ අනාගතය අස්ථාවරය බව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.
එම ආයතනය විසින් තම නවතම ශ්‍රේණිගත කිරීම් ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සෘණ තත්ත්වය දක්වා පහත දමා ඇත.
ශ‍්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය හමුවේ බලශක්ති උත්පාදනය 50% පමණ ෆොසිල ඉන්ධන මත සිදුවීම මත විදුලි බල මන්ඩලය උග්‍ර අභියෝගයට මුහුණ දී සිටින බව එම වාර්තාව සඳහන් කරයි.
කඩිනමින් ණයහිමියන්ට ණය ගෙවා දමනු ඇතැයි ද බලාපොරොත්තු වන බවත් ඇතැම් ණය ප්‍රති මූල්‍ය කරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත් ඔවුන් සඳහන් කර තිබේ.
මෙම පහත දැමීම හේතුවෙන් ලංකා විදුලිබලමණ්ඩලය විදේශීය ආයතන සමඟ සිදුකරන ගනුදෙනුවලදී යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.
