gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලුණු සමාගමේ සභාපතිට හූ කියා එළවා දමයි - CCTV කුඩු කරයි (VIDEO)

හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සිදු කළ සත්‍යග්‍රහය අතරතුරදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ ලුණු ලේවාය ඉදිරිපිටට පැමිණි පිරිසක් එහි සී.සී.ටී.වී. කැමරාවලට හානි සිදු කරමින් කළහකාරී ලෙස හැසිරීමත් සමඟයි.

ඔවුන් සභාපතිවරයාට හු කියා දැඩි විරෝධයක් ද එල්ල කළා.

පාලක මණ්ඩලයේ වැටුප් වැඩි කර ගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදායි.

සති කිහිපයක් තිස්සේ පැවති සත්‍යග්‍රහය අතරතුර හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද භාර දුන්නා.


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka