gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය විශේෂ වාර්තාවක් තැබීමට සූදානම්

මෙරටට දශකයකට පසුව වර්ෂයක් තුළ වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉක්මනින්ම වාර්තාවක් තබනු ඇති බව මහ බැංකු දත්තවලින් අනාවරණය වේ. මහ බැංකු දත්ත අනුව 2011 සිට 2020 දක්වා ගෙවී ගිය දශකය තුළ වර්ෂයකදී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර තිබෙන්නේ 2017දී වන අතර එම වර්ෂයේදී සහල් මෙට්‍රික් ටොන් 748,000ක් ආනයනය කර ඇත. නමුත් පසුගිය 10 වෙනි සඳුදා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීමට 2022 වර්ෂය ආරම්භයේදීම ක්‍රියා කරමින් සිටී.

මේ අනුව වර්ෂය පුරා කොපමණ සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවේ දැයි පුරෝකතනයක් මේ වෙනවිට සිදුකර නැත. එක රැයින් රසායනික පොහොර තහනම් කිරීමේ ජනාධිපතිගේ තීරණය අනුව 2021 යල් කන්නය සහ 2022 මාස් කන්නයේ වී අස්වනු විශාල වශයෙන් පහත වැටී ඇත. මෙම තත්වය තුළ සහල් ආනයනය වෙනුවෙන් විදේශ විනිමය විශාල වශයෙන් කැප කිරීමට සිදුවී තිබේ.

මෙම මාසයේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 134කට ආසන්න විදේශ විනිමයක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. එම සහල් ප්‍රමාණය සති තුනක මෙරට පරිභෝජනයට පමණක් ප්‍රමාණවත් වේ. 2017දී සහල් මෙට්‍රික් ටොන් 748,000ක් ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 301ක් වැය කර තිබේ.

එම වර්ෂයේදී සහල් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් ඩොලර් 402.41 වැය කර තිබිණි. කැබිනට් අනුමැතිය අනුව මෙම මාසයේ ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් එකක් වෙනුවෙන් ඩොලර් 445.67 වැය වේ.
-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka