gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප ඉන්නේ ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක තමයි.. ඇමතිකම් ගැලෙවුවොත් එය ඉක්මන් කරනවා..- රෝ.ල. පියදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ජනතාව සංවිධානය කරමින් කුමන්ත්‍රණයක නිරත වී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරනයි.

ඒ අනුව අනිකුත් දේශපාලන පක්ෂ සහ එම පක්ෂ වල නායකයන් සමග මෙන්ම නොයෙකුත් බලවේග සමග පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා පවත්වමින් සිටින බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

වර්තමාන ආණ්ඩුවට විරුද්ධ බලවේග මෙන්ම ජනතාව ද ආණ්ඩුව විසින් මර්දනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ මර්දනයට එරෙහිව ප්‍රතික්‍රියාව ඉදිරියේදී බලවත් වනු ඇති බවයි.

එමෙන්ම වර්තමාන ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ආණ්ඩුවේ අනිකුත් සහෝදර පක්ෂවල මැති ඇමතිවරුන්ට සහ නායකයන්ට අපහාසාත්මකව සිදු කරන ප්‍රකාශ සහ හැසිරීම් හෙළා දකින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

යම් හෙයකින් මේ මොහොතේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉවත් කොට සිය පක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ නම් වර්තමාන ආණ්ඩුව පෙරළා දමමින් නව ආණ්ඩුවක් ගොඩ නැගීමේ ක්‍රියාවලිය ඉක්මන් වනු ඇති බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

මේ මොහොතේ ආණ්ඩුව සිදු කළ යුත්තේ “පාර්ලිමේන්තු මැතිවරණයක් ” පවත්වා ජනතාවට තීන්දුවක් ගැනීමට අවස්ථාවක් ලබා දීම බව පෙන්වා දෙන රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ආණ්ඩුව එසේ නොකරන්නේ නම් ජනතාව සමග අරගලයකට සූදානම් බවද වැඩිදුරටත් සඳහන් පවසයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka