gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තරු පේන ගාණකට අභයාරාමයේ කෑල්ලක් ආණ්ඩුවේ කන්තෝරුවකට බදු දීලා!

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය, අභයාරාම විහාරයට අයත් කොළඹ 05, නාරාහේන්පිට, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද මාවතේ අංක 530 දරන ගොඩනැගිල්ල වෙත ගෙනයාමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

අදාළ ගොඩනැගිල්ලට සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය රැගෙන ගොස් ඇත්තේ රුපියල් ලක්ෂ දොළහමාරක මාසික කුළියට බවද පැවසේ.

මීට පෙර සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය පැවැතියේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 212/1, දරණ ස්ථානයේය.

මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින් යොදවා අභයාරාම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරවමින් ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ සිදුකරන අලුත්වැඩියාවක් නිසා තාවකාලිකව මෙම කාර්යාල මාරුව සිදුකර ඇති බව පැවසේ.

මේ වනවිට එම අරමුදලේ පාලන අංශය එම ගොඩනැගිල්ලට අනුයුක්ත කර ඇති බවද වාර්තා වේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර හා පත්වීමෙන් පසු කෙටිකලක් සංස්කෘතික අරමුදල කුලියට ගෙන ඇති බිල්ඩිමේ පැවැතියේ පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) කාර්යාලයකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka