gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ගම සමඟ පිළිසඳරෙන්" පසු ගම්මුන්ට තිබුණු පාරත් නැතිවෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමඟ පිළිසඳර’’ ගමින් ගම වැඩසටහනේ නවවැනි (09) අදියර යටතේ දැරණියගල දික්ඇල්ලකන්ද ගම්මානයට ගිය අවස්ථාවේ උඩමාලිබොඩ සිට දික්ඇල්ලකන්ද මාර්ගය මාස හතරක් ඇතුළත සංවර්ධනය කරදීමට එහි ජනතාවට පොරොන්දුවුවද එය මෙතෙක් සිදුවී නැතැයි වාර්තා වේ.

පසුගිය වසරේ පෙබරවාරි 06 වැනිදා ජනාධිපතිවරයා අදාළ වැඩසටහනට සහභාගිවී ඇති අතර මේවන විට එම පොරොන්දුවට වසරකට ආසන්න කාලයක් ගතව ඇතැයි ගම්මු කියති.

මේ වන විට මාර්ගය තිබුණාටත් වඩා අබලන් තත්ත්වයකට පත්ව ඇති බවද ඔවුහු කියා සිටී.

ජනාධිපති එන්න කලින් මේ පාරෙන් කට්ටිය සිරිපාදෙත් ගියා දැන් නවතිලා - ධර්මවර්ධන 

දික්ඇල්ලකන්ද ගමේ පදිංචි එච්. ඒ. ධර්මවර්ධන මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටී. 

“මේ පාර යන්න පුළුවන් තත්ත්වයට කොන්ක්‍රිට් කරලා තිබුනේ.. ජනාධිපතිතුමා මෙහෙට ඇවිත් සතියෙන් පාර කාපට් කරන වැඩේ පටන් ගත්තා. ඩොසර් ගෙනත් කානු කැපුවා. මාසයක් විතර යනකොට අයෙම වැඩ නතර වුණා. පහුගිය වැස්ස කාලේ කානු උතුරලා තිබුණු පාරත් දැන් කැඩිල ගිහින්. ජනාධිපතිතුමා එන්න කලින් සිරිපාදේ වන්දනාකරුවන් ගොඩක් මේ පාරෙන් තමයි ආවේ ගියේ. දැන් පාර කැඩිල හින්දා කව්රුවත් මෙහෙන් යන්නේ එන්නේ නෑ. අපි කියන්නේ අදාළ බලධාරින් මේ ගැන හොයලා බලලා අපිට තිබිච්ච පාර තිබුණු විදිහට හරි හදලා දෙන්න කියලා.”

කිලොමීටර් තුනක් පමණ දුරැති උඩමාලිබොඩ දික්ඇල්ලකන්ද මාර්ගය භාවිත කරන පවුල් ගණන 250කට ආසන්න වේ.

මෙම ගම්මානයේ පිහිටා ඇති දික්ඇල්ලකන්ද කනිෂ්ඨ විද්‍යාලයටද දරුවන් පැමිණීමට භාවිත කරන්නේද මෙම දික්ඇල්ලකන්ද මාර්ගයයි.


ජනපති ගමට ආවම අපි හිතුවා වැඩේ හරි කියල - පාසල් සිසුවෙක්

දික්වැල්ලකන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාර පැවසුවේ මෙවැන්නකි.

“ජනාධිපතිතුමා ගමට ආවම අපි හිතුවේ අපේ පාර හදලා දෙයි කියලා. ඒ වුණාට දැන් අවුරුද්දක් වුණා අපේ පාර තිබ්බාටත් වඩා කැඩිලා ත්‍රීවීල් එකකින්වත් අපිට ඉස්කෝලේ ගාවට යන්න විදිහක් නැහැ. ත්‍රිවිල් වල මාමලා ලොකු ගානක් ඉල්ලනවා. ඒ නිසා අපි කැඩිච්ච පාරේ හැමදාමත් පයින් යන්නේ එන්නේ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ තිබ්බ විදිහට හරි අපේ පාර හදලා දෙන්න කියලා.”

මේ පිළිබඳව දැරණිගල ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මැණිකේ මහත්මිය කියා සිටින්නේ මෙය මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කෙරෙන ව්‍යාපෘතියක් බවයි. 

එම නිසා මේ පිළිබඳව ඇය දැනුවත් නොමැති බව සහ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව ඇය කියා සිටී.

මූලාශ්‍රය - අරුණ

“අපි එදා අපේ ශ්‍රමයෙන් මේ පාර සංවර්ධනය කරේ. කානුව කපලා දාලා ඒවා වැස්සට හෝදන් ගිහින් දැන් පයින් යන්නවත් බැරි තරම් කානු ලොකු වෙලා. පාරේ තිබුණු ගල් ටික නම් කොන්ත්‍රාත් සමාගමෙන් රෑට රෑට පටවන ගිහිල්ලා තියෙනවා. කොහේ ගෙනිච්චද කියලා අපි නම් දන්නේ නෑ.’’

කෙසේ හො යාන්තමින් යාමට ඒමට තිබූ කොන්ක්‍රිට් පාර තවත් හොඳට කාපට් යොදා සංවර්ධනය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි උඩමලිබොඩ දික්ඇල්ලකන්ද ප්‍රදේශයේ ජීවත් වන කපිල කුමාර එසේ පැවසුවේය.

-srilankamirror

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka