ඥානසාර හිමිගේ එක රටක් එක නීතියක් බළකාය වැඩ පටන් ගනී! ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි!
එක රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ඉස්ලාම් පෙළ පොත්වල අන්තර්ගතය පිළිබඳව කනස්සල්ල පළ කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි 6, 7, 10 සහ 11 ශ්‍රේණි සඳහා ඉස්ලාම් පෙළ පොත් යළි කැඳවා තිබේ.
ඒ අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් පෙළ පොත් ලැබුණු ජාතික සහ අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
කොමසාරිස් ජනරාල් පී.එන්. ඉලප්පෙරුම මහතා එම පෙළපොත් නැවත කැඳවන ලෙසත් පෙළ පොත් සංශෝධනය කරන තුරු ඒවා සිසුන්ට බෙදා හැරීම නතර කරන ලෙසත් උපදෙස් දී තිබේ.
ඉලප්පෙරුම මහතා පැවසුවේ, එම පොත්වල යම් යම් පිළිකුල් සහගත වචන අඩංගු වී ඇති බව ජනාධිපති කාර්ය සාධක බළකායෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයෙන්, සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තම කාර්යාලයට ලැබුණු පණිවිඩයකට අනුව මෙම කැදවීම සිදු කර ඇති බව පැවසේ.
ඥානසාර හිමිගේ එක රටක් එක නීතියක් බළකාය වැඩ පටන් ගනී! ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි!
2022-01-23T15:20:00+05:30
Gossip Lanka Hot News





