ආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ…
මළ සිරුරු ආදාහනය කිරීමට අවශ්‍ය ගෑස් නොමැති වීම දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ කොරෝනා මළ සිරුරු ගොඩ ගැසී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇතත් ආදාහනාගාර වලින් සිරුරු භාර නොගැනීම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.
කොරෝනා ආසාදිත හා මළ සිරුරු හතක් මෙසේ මෙම මෘත ශරීරාගාරයේ ඇත.
ආදාහනාගාර වෙත අවශ්‍ය ගෑස් ලැබෙන තුරු මළ සිරුරු භාර ගත නොහැකි බව ආදාහනාගාර භාරකරුවන් දැනුම් දී තිබේ.
ආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ…
2022-01-03T19:00:00+05:30
Gossip Lanka Hot News




