gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිත්‍රො ගෑස් දෙපැයේ සභාපති පත් කර ඉවත් කල හේතුව ජොන්ස්ටන් කියයි…

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉවත් නොකලේ මන්දැයි පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ‘සභාපති ජනාධිපතිතුමා ඉවත් කෙරුවේ නැහැ. එතුමාම ඒ ස්ථානයට ගිහිල්ලා තීන්දුවක් ගත්තා ඒ ධුරයේ ම ඔහුව තියන්න ඕනෑ කියලා.ජනාධිපතිතුමන්ට වරද පටවන එක වැරදියි. ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. එතුමා සියැසින් ලංකාගම දැක බලාගෙන පාරවල් හදන්න තීරණය කළා වගේම එතුමන් තීන්දුවක් ගත්තා සභාපති තියාගන්න. ජනාධිපතිතුමා හැටියට එතුමන්ට සම්පූර්ණ බලය තියෙනවා ඉවත් කරනවද නැද්ද කියලා තීන්දු තීරණ ගන්න.
ගෑස් පිපිරීම ගැන හොයන්න මම කලින් ඉඳන් කිව්වා. මම පිලිගන්නෑ මේ ගැස් ඉබේ පිපිරෙනවා කියලා. නමුත් මෙය ගැන හොයා බැලිය යුතුයි. මේ ගැන හොයන්න කිව්වම සමහරු අපිට හිනා උනා.

දැන් පේනවනේ බෝම්බ තියලා වෙලා තියෙන දේ. පල්ලියේ ගිහින් බෝම්බ තියලා තියෙනවා. දැන් කවුරුවත් කියන්නේ නෑ මහ මොළකරු හොයන්න කියලා. මේ මහ මොළකරු හොයන්න ඕනි. කවුද මේ බෝම්බ තිබ්බෙ, කවුද මේ පිටුපස ඉන්නේ කියලා.ඉදිරියේදී බලාගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ කියලා.

ජනාධිපතිතුමා ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමා ජනාධිපති වශයෙන් නිවැරැදි තීන්දු තීරණ ගන්නවා. එතුමන්ට සම්පූර්ණ බලතල තියෙනවා ඇමතිලා සභාපතිලා පත් කරන්න වගේම ඉවත් කරන්න.

මම අදටත් තියෙනවා මේ ගෑස් පිපිරීම ගැන හොයන්න කියලා මේ කණ්ඩායම ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනි. මට හිනා උනාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලියට බෝම්බ තිබ්බ වගේ රජය අපහසුතාවයට පත් කරන්න, රටේ ජාතික ආරක්ෂාව අපහසුතාවයට පත් කරන්න කරන වැඩද කියලා හොයන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා’

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka