මහින්දගේ ඉල්ලා අස්වීම ගැන අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (03) උදෑසන අගමැති කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවය.
රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මහින්දගේ ඉල්ලා අස්වීම ගැන අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
2022-01-03T14:32:00+05:30
Gossip Lanka Hot News




