මෛත්‍රීපාල එළියට අදිද්දී සිරිපාල තනිවම ඇතුළේ ඉන්න හදයි! ශ්‍රීලනිපයත් දෙකට කැඩෙන ලකුණු!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ගමන වැලැක්වීමට හෝ කකුලෙන් අදින්න සූදානමක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
‘අපි රජයේ වැඩ කටයුතු පිළිබඳව යතාර්තවාදීව බලන්න ඕනෑ. සමහරුන්ට අශ්ව කුලප්පුව හැදිලා තියෙනවා හෙට ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. ඒත් එහෙම වෙන්නේ නෑ. ආණ්ඩුවක් ගෙනියන්න 113ක් ඇති. ආණ්ඩුව වැරදි ගමන් මාර්ගයක යනවා නම් අපේ කාර්යය විය යුත්තේ එය නිවැරදි කිරීමයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක් අපි ගෙනියන්න ඕනෑ.මේ ආණ්ඩුවේ වැරදි හින්දා ඔක්කොම අය අපිට කතිරේ ගහයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒකට අපි හොඳ වැඩපිළිවෙළක් මේ රටේ ජනතාවට ලබාදෙන්න ඕනේ. එතකොට තමයි ආකර්ෂණය වෙන්නේ. පොර ටෝක් දුන්න කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ නෑ. ඒ නිසා අපිට මේ අවස්ථාවේ දී ආණ්ඩු බලය ගන්නවත් පෙරලන්න වත් අවශ්‍යතාවයක් නැහැ” යි අමාත්‍යවරයා පැවසීය.
මෛත්‍රීපාල එළියට අදිද්දී සිරිපාල තනිවම ඇතුළේ ඉන්න හදයි! ශ්‍රීලනිපයත් දෙකට කැඩෙන ලකුණු!
2022-01-19T07:50:00+05:30
Gossip Lanka Hot News





