චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලැබෙන කතාව බොරුවක්ලු! ලංකාව ඉල්ලුවත් චීනය බෑ කියලලු!
ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අත්සත් තබා ඇති රබර් සහල් ගිවිසුමට 70 වසරක් සැපිරීම නිමිත්තෙන්, චීනයෙන් මෙරටට සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනක පරිත්‍යාගයක්, එළැඹෙන මාර්තු මාසයේ දී ලැබීමට නියමිත බව සම කැබිනට් ප‍්‍රකාශක රමේෂ් පතිරණ විසින් ප‍්‍රකාශ කළ ද, එවැනි පොරොන්දුවක් චීනය විසින් ලංකාවට ලබා දී නැති බව ‘ද මෝර්නිං’ වෙබ් අඩවිය වාර්තා කරයි.
විශ්වාසදායක රාජ්‍යතාන්ත‍්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ද මෝර්නිං වෙබ් අඩවිය පවසන්නේ, ලංකාවෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති නමුත් චීන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ද මෝර්නිං වෙබ් අඩවිය, වෙළද අමාත්‍යංශයෙන් විමසා ඇති අතර, වෙළද අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මහේෂ් වික‍්‍රම පවසා ඇත්තේ, අදාල පරිත්‍යාගය ඉදිරි කාලයේ දී ලැබීමට නියමිත බවයි.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමට චීන රජය එකග වූ බවත්, එහි කිසිදු වෙනසක් සිදුව නැති බවත් ඔහු පවසා තිබේ.
චීනයෙන් සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනයක් ලැබෙන්නේ නම්, එය මෙරට සමස්ත වාර්ෂික සහල් පරිභෝජනයෙන් අඩකට සමාන බව වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලැබෙන කතාව බොරුවක්ලු! ලංකාව ඉල්ලුවත් චීනය බෑ කියලලු!
2022-01-24T07:30:00+05:30
Gossip Lanka Hot News





