gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ණය ගෙවන්න අමාරුයි.. ඉන්ධන, ඖෂධ ගන්නත් අමාරුයි.. IMF යනවා - බැසිල් විදෙස් මාධ්‍යට කියයි

ණය පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද දැන් සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට සහ ආර්ථික අර්බුදය සමනය කිරීමට ශ්‍රී ලංකාව සියලු විකල්පයන් සලකා බලමින් සිටින බවයි.

“අපි අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවිය යුතු බැවින් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටිමු. එබැවින් අපට ගැලපීමක් හෝ යම් ආකාරයක දෙයක් සිදුකළ යුතුව ඇත…. මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළක් ගැන රජය සිතනු ඇති. අපි මේ වසරේ ඩොලර් බිලියන හයයි දශම නවයක් ගෙවිය යුතු නිසා එය ඉතා අපහසු බව මම දනිමි. ඊට අමතරව, ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන මේ සියල්ල සඳහා අපට මුදල් සොයා ගැනීමට සිදු වේ,” යැයි මුදල් ඇමැතිවරයා පවසා තිබේ.

විදේශ මුදල් සංචිත නොමැතිකම නිසා විදුලිය විසන්ධි වීම සහ ඉන්ධන, කිරිපිටි ඇතුළු ආනයන හිඟය, ඉලක්කම් දෙකේ උද්ධමනය යන ගැටලු උග්‍ර කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 1 ක් ජූලි මාසයේදී ගෙවීමට නියමිත නමුත් දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත අවසන් වී ඇති බවත් ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේ චීනය විසින් ඩොලර් බිලියන 1.5 ක් වටිනා රෙන්මින්බි මුදල් හුවමාරුවක් ලබා දී ඇතත්, මෙය ඩොලරයෙන් නියම කරන ලද ණය ගෙවීමට භාවිත කළ නොහැකි බවද ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

– අරුණ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka