gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නියත වශයෙන්ම ඔමික්‍රෝන් රැල්ලක්'' - මහාචාර්ය අර්ජුන ද සිල්වා

ඔමික්‍රෝන් රැල්ලක් නියත වශයෙන් ම ශ්‍රී ලංකාවේ ද ඇති වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

අප වෙත වෙත අදහස් දක්වමින් මහාචාර්යවරයා සඳහන් කළේ, බොහෝ දුරට පෙබරවාරි මස අග වන විට එම රැල්ල ඇති විය හැකි බව ය.

මේ වන විට ලොව පුරා බොහෝ රටවල්වල ද ඔමික්‍රෝන් රැලි හටගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ද එවැනි රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද මහාචාර්යවරයා අවධාරණය කළේ ය.

ඔහු පෙන්වා දුන්නේ, ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගිය ද අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් පෙන්වන රෝග ලක්ෂණ අඩු වීම හේතුවෙන් ඔවුන් නිවසේ තබා ප්‍රතිකාර කළ හැකි බව ය.

ඒ හේතුවෙන්, රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් ඇති නොවන බව ද මහාචාර්යවරයා පැවසීය.

ඔහු අවධාරණය කළේ, වෛරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයින් වාර්තා වීම අඩු කර ගැනීමට ඇති එක ම පිළියම එන්නත්කරණය බව ත් තුන් වන මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත් බව ත් ය.

එමෙන් ම, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කිරීම වැදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

"මෙහෙම රැල්ලක් එයි. මොක ද හැම රටේ ම ඇවිල්ලා තියෙනවා, අපේ විතරක් එන්නේ නෑ කියලා හිතන්න බැහැ. අපි මෙච්චර කල් එහෙම හිතලා වැරදුණා නේ. අනිවාර්යයෙන් එනවා. ඒකට සාමාන්‍ය සෞඛ්‍ය පිළිවෙත් අරගෙන, තුන් වන මාත්‍රාව ත් අරගෙන හිටියොත් අපිට එදිනෙදා ජීවිතේ කරදරයක් නැතිව කටයුතු කරන්න පුළුවන්."

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, පෙර පැවති කොරෝනාවෛරස් ප්‍රභේදවලින් ඇති වූ රැලි මෙන් නොව ඔමික්‍රෝන් රැල්ල ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බව ය. 

ඒ හේතුවෙන් නැවත වරක් රට වසා දැමීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව ද මහාචාර්යවරයා වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.

-මව්බිම 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka