ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
ඉදිරි දින කිහිපය ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ 60%ක පමණ සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙහිදී අලුතින් කැබිනට් මණ්ඩලයට කිසිවකුත් ඇතුළත් නොවනු ඇති අතර දැනට සිටින කැබිනට් අමාත්‍යවරුන් අතරම අමාත්‍යංශ මාරුවීමක් සිදුවනු ඇති බව පැවසේ.
එහිදී දැනට ආන්දෝලනයට තුඩු දී ඇති කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකුගේම අමාත්‍ය ධූර වෙනසකට ලක්කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇත.
එමෙන්ම සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් හිස්වූ අමාත්‍ය ධුරයද පිරවෙනු ඇති අතර අලුතින් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු පත්කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.
ඇමැති මණ්ඩලයේ 60%ක වෙනසක්! ජනපති කැබිනට් කුට්ටම අනන්න යන්නේ මෙහෙමයි! ගැලවෙන ඇමැති තනතුරු මෙන්න!
2022-01-06T11:06:00+05:30
Gossip Lanka Hot News





