gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම අධිවේගයේ කිලෝමීටර් 37ක් හැදුවෙ අපේ ආණ්ඩුව! කිලෝමීටර් 4ක් හදලා කයිවාරු ගහනවා! කිරිඇල්ල කියයි!

මධ්‍යම අධිවෙිගී මාර්ගයේ  මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ කිලෝමීටර් හතළිස් එකෙන් 37ක වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබුනැයි ද වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ හැදුවේ ඉතිරි කිලෝ මීටර් හතරක් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව අධිවේගී මාර්ගයේ  කිලෝමීටර් හතරක් පමණක් ඉදි කොට දැන් ලකුණු දාගන්නට හදන බවද කිරිඇල්ල මහතා කීය.

දින 52 කුමන්ත්‍රණය  වන විටත් අදාල කිලෝමීටර් 41න් 37ක වැඩ අවසන් කර තිබූ බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

2015 වසරේ දී යහපාලන ආණ්ඩුව පත් වන විට අධිවේගී මාර්ගයේ බිම් අඟලකවත් මැනීම් කටයුතු සිදු කර නොතිබූ බව කී කිරිඇල්ල මහතා යහපාලන ආණ්ඩුව පත්වූ පසු වන්දි ගෙවා ඉඩම්  අත්පත් කර ගැනීම සිදුකළ බව ද සඳහන් කළේය.

ඉන්පසුව 2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ  එහි වැඩ පටන් ගත් බව කී කිරිඇල්ල  මහතා දේශීය කොන්ත්‍රාත් කරුවන් 16 දෙනෙකුට එහි වැඩ බාර දුන් බව ද සඳහන් කළේය.

එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කිසිදු විදේශ ණයක් නොගත් බවත්  මහා භාණ්ඩාගාරයේ මුදලින් පමණක් එහි ඉදිකිරීම් කටයුතු කළ බවත් කිරිඇල්ල මහතා පැවසීය.-ලංකාදීප
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka