gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර ප්‍රශ්නය ලංකාවේදී බේරුම්කරණයට එකඟ වුණා - ඇමති : ඇමතිගේ කතාව බොරු - සමාගම (VIDEO)

චීනයෙන් මෙරටට ආනයනය කිරීමට සූදානම්ව සිටි, ප්‍රශ්නගත කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් එම චීන සමාගම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති අතර මේ පිළිබඳ බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට එම චීන සමාගම එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (06) ප්‍රකාශ කළේය. 

එහෙත් චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇනා සොංග් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවයි. එම චින්දාඕ සමාගම දැනටමත් සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා ශ්‍රී ලංකා රජයට අයත් කොළඹ කමර්ශල් පොහොර සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඉල්ලා තිබේ. 

මෙම පොහොර තොගය ආනයනය සඳහා ඇතිකරගත් ගිවිසුම ශ්‍රී ලංකාව විසින් කඩකර ඇති බවට චීන සමාගම තර්ක කරන අතර ඔවුන් ඉල්ලා සිටින වන්දියට අදාළ පොහොර තොගයේ වටිනාකම, නැව් ගාස්තුව මෙන්ම පොළියක් ද ඇතුළත්. එමෙන්ම බේරුම්කරණය සඳහා යන මුදල ද ශ්‍රී ලංකාවෙන්ම අයකර ගතයුතු බවයි එම සමාගම පවසන්නේ. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka