gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැරදි කරපු අය එළියේ - ඇත්ත කතා කරපු රන්ජන් හිරේ (Video)

අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා කරුණු නවයක් සහිතව රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප වතාවක්ම රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් තවමත් රාමනායක මහතා සිරගතව සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රංජන් රාමනායක මහතා සිරගතව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බව පැවසූ විපක්ෂ නායකයා, ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවද පැවසීය. මේ වනවිටත් සීනී වංචා කරපු පිරිස් නිදැල්ලේ සිටින බවත්, පොල්තෙල් වංචා කරපු පිරිස් නිදැල්ලේ සිටින බවත්, පුපුරන ගෑස් මගඩියට සම්බන්ධ සියලු දෙනාම නිදැල්ලේ සිටින බවත්, පොහොර මගඩියට සම්බන්ධ සියලු දෙනා නිදැල්ලේ සිටින බවත් පෙන්වා දෙන විපක්ෂ නායකයා, ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් සඳහන් කරනවා.

ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට රංජන් රාමනායක මහතා, සමාජ සේවය වෙනුවෙන්  නිදහස් කරන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකයා රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් නැවත ආරම්භ කරන බවද පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කොට සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (20) පෙරවරුවේ එහි අවස්ථාවේදීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka