gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවෙන් පනහක් හැටක් යද්දී බලන්න පුළුවන් ජනාධිපතිතුමාට මොකද වෙන්නේ කියල - අමරවීරගේ අනතුරු ඇඟවීම (VIDEO)

ආණ්ඩුවෙන් පනහක් හැටක් ඉවත් වන විට ජනාධිපතිවරයාට තුනෙන් දෙක තියා සරළ බහුතරයත් නැති වෙන හැටි බලාගත හැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

ඒ,අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තීරණය කරන ඕනෑම අවස්ථාවක ඇමතිකම් අත හැරීමට සූදානම් බවත් ආණ්ඩුවෙන් ඉවත්වන්නේ නම් එලෙස ඉවත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම පමණක්ම නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

කෙසේවෙතත් මේ පවතින තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැඩි ලෙස සැලකිලිමත් විය යුතු අතර මේ ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට සරළ බහුතරයත් නැති කිරීමේ අවශ්‍යතාව තිබෙන අය ආණ්ඩුවේ සිටින අතර ඔවුන් තුළ වෙනත් අරමුණු තිබිය හැකි බවයි අමරවීර මහතා කියාසිටියේ. 

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලබන තීරණ මඟින් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට හෝ සමඟි ජන බලවේගයට හෝ වෙනත් කණ්ඩායමකට වාසියක් වන දෙයක් සිදු නොකරන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka