gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයට සුබ මංගලම් : පොහොට්ටුව සමග දීගයක් ගැන කසු කුසුවක් - කපුවාත් එලියට!

එක්සත් ජාතික පක්ෂ තනි මන්ත්‍රී ධූරයත් ආණ්ඩුවට එකතු වීම පිළිබඳව කසුකුසුවක් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය පුරා පැතිර යනවා.

එ.ජා.ප.යට හිමි එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දරන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

එජාප සභාපති භූමිකාව

ඒ අනුව ජාතික ආණ්ඩු සංකල්පයක් මත වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එකතුවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී බොහෝ දුර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එ.ජා.ප පාර්ශවයෙන් එම සාකච්ඡා වල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අබේවර්ධන මහතා හා රාජපක්ෂවරුන් අතර ඉතා කිට්ටු සබඳතාවක් තිබෙන බව ප්‍රකට කරුණක්.

එජාපයේ අනාගතය

ආණ්ඩුව මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මේ අවස්ථාවේ වික්‍රමසිංහ මහතාගේ දැනුම හා සම්බන්ධතා වැදගත් බවයි ආණ්ඩු පාර්ශව තක්සේරුව වී තිබෙන්නේ.

දිනෙන් දිනම දියවී යන එ.ජා.ප ආරක්ෂා කර ගැනීම සඳහා පක්ෂ නායක වික්‍රමසිංහ මහතාද සිටින්නේ තීරණාත්මක යමක් කළ යුතු අවස්ථාවකයි.

ඒ නිසා මේ අවස්ථාව දෙපාර්ශ්වයටම දෙපාර්ශ්වයේ අවශ්‍යතාවය අවශ්‍යව තිබෙන අවස්ථාවක්.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වික්‍රමසිංහ මහතා තවමත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දී නැහැ.

සමගි ජන බලවේගය පිරිස

වික්‍රමසිංහ මහතා ආණ්ඩුව සමඟ ජාතික ආණ්ඩුවක් සඳහා එකතු වුවොත් ඇමතිධූර බලාපොරොත්තුවෙන් සමගි ජන බලවේගයේ පිරිසක්ද ඔහු සමග ආණ්ඩුවට එකතු වෙතැයි ආන්ඩුවේ විශ්වාසය වී තිබෙනවා.

එය ආණ්ඩු පාර්ශ්වය තුළ විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රමුඛ ආන්ඩුවේ සන්ධානගත පක්ෂ හවුලේ හඬ දුර්වල කිරීම සඳහාද ප්‍රයෝජනවත් වනු ඇතැයිද යන්නත් ආණ්ඩුවේ විශ්වාසයයි.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka