gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් ආණ්ඩුවේ පාවාදීම් වලට ගහයි! ගිවිසුම් වලටත් ගහයි! GRට MRට BRට නොගහයි! ඔක්කොම කුණු ටික PB පිට යවයි! (Video)

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ‍ප‍්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය.
ඔහු මෙසේ අදහස් පල කළේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇහැලියගොඩ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි සැසිය අමතමිනි.

”විවෘත්ත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරිවල එනවා ඩොලර් මිලියන 500ක් පළමුවෙනි කොටස ගෙවන්න ඕනේ 18 වෙනිදාට ජනවාරි. මාසයකට යනවා තෙල්වල වියදම ඩොලර් මිලියන 300කට වඩා එක තෙල් නැවක් ගෙන්න ගන්න. ඒ 700න් ඒ 300ත් දුන්නොත් 400ට බහිනවා. අපේ පුංචි බණ්ඩා ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ. කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ.

මොකද අවුරුදු 20කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔබ ක්‍රමයට ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ”

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිද්ධිය වූයේ විමල් වීරවංශ මහතා විසින් ජනපතිවරයා හෝ අගමැතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා හෝ විවේඡනයට ලක් නොකිරීමය.

gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka