අනෙක් රටවල් ලංකාවට උදවු කිරීම අඩුවෙලා… IMF යා යුතුයි..
අනෙක් රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීමේ තත්ත්වය ටිකක් අඩු වී ඇති බවක් පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් මේ මොහොතේ විකල්පයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බව තම පුද්ගලික අදහස බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් පක්ෂ ලෙස තවම ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවත් පක්ෂයේ අදහස් ගණනාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ පිළිබඳව අවසන් මතයක් ඉදිරිපත් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.
අනෙක් රටවල් ලංකාවට උදවු කිරීම අඩුවෙලා… IMF යා යුතුයි..
2021-12-13T12:51:00+05:30
Gossip Lanka Hot News





