කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..
කාබනික පොහොර ගෙන්වන ලද සමාගම්වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් මුදල් ලබාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ අදාළ කොමිස් ගැන ලබා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කර ගෙන ඇති බවයි.
දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන රටට හෙළිදරව් කිරීම කළ යුතු බවද ඔහු පැවසීය.
අදාළ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ එම කොමිස් සම්බන්ධ ප්‍රශ්නය නතර කර ගැනීම සඳහා බව ද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
කාබනික පොහොර සමාගම්වලින් GMOA ලොක්කා කොමිස් අරන් හෙලිවෙලා.. වර්ජනය ඒක වහන්නයි..
2021-12-23T13:15:00+05:30
Gossip Lanka Hot News




