gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කීර්ති නාමය විනාශ වුණා! සල්ලි ලැබුණෙත් නෑ! ඩොලර් මිලියන 1.6ක ප්‍රමාද ගාස්තු ගෙවන්නත් වුණා! අපිත් අතාරින්නේ නෑ! චීන පොහොර සමාගම එළිපිට සටන අරඹයි!

චීනයෙන් ඇනවුම් කරන ලද පොහොර තොගය මෙරට කිසිදු වරායකින් ගොඩ බෑම සදහා අවසර ලබා නොදීම හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක ප‍්‍රමාද ගාස්තු ගෙවීමට තම සමාගමට සිදු වූ බව චීන පොහොර සමාගම පවසයි.

අදාළ පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව, ජාතික ශාක නිරෝධායනය ආයතනය මගින් තහවුරු කරන ලද අතර එම හේතුව මත පොහොර තොගය ගොඩ බෑමට අවසර දිය නොහැකි බව මෙරට බලධාරීන් විසින් චීන පොහොර සමාගම දැනුවත් කර තිබුණි.

ඊට අමතරව, සමාගම වෙත සිදු කිරීමට නියමිතව තිබුණු ගෙවීම් අත්හිටුවීමටද කටයුතු කරන ලදී.

චීනය, ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් ලබා දෙන ලද වාර්තා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර සිටියේ ය.

ඉන් පසුව තෙවන පාර්ශ්වයක් විසින් පොහොර සාම්පල පරීක්ෂා කරන ලද අතර, අදාළ පොහොර තොගය කිසිදු අහිතකර බැක්ටීරියාවක් අඩංගු නොවන බව ඔවුන් තහවුරු කරන ලදී.

මේ වන විට, පොහොර තොගය පිළිබද ගැටළුව අධිකරණය දක්වා ගොස් තිබේ.

කෙසේ වෙතත්, තමන්ට අසාධාරණයක් වූ බව පවසන පොහොර සමාගම, සිය සමාගමට වූ මූල්‍යමය පාඩුවත්, සමාගමේ කීර්තිනාමයට වූ හානියත් සදහා වන්දි ඉල්ලන බවත් – බේරුම්කරණයකට යන බවත් පවසා තිබේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka