gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අදානි, කැබිනට්එක නම්මන් ලබන සතියේ මන්නාරමෙත් වැඩක් අරඹයි!

ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති අතර එම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය මෙරටට ලබා ගන්නේ ශ්‍රී ලංකා විදුලි (සංශෝධන) පනතට ප්‍රරකාරවය.

2030 වසර වන මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පරිසරයට හිතකාමී සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන අතර ඒ අනුව සුළං සූර්ය සහ එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු) බලාගාර සඳහා ප්‍රමුඛත්වය දීමට පියවර ගෙන තිබේ.

මන්නාරම ප්‍රදේශයේ පවතින සුළං මගින් මෙවැනි විශාල සුළං බලාගාර ව්‍යාපෘතියක් ක්‍රිරයාත්මක කිරීමට ශ්‍රී ලංකාවට මුදල් නොමැති නිසා මේ ආකාරයට විදේශ ආයෝජන මත බලාගාර ඉදිකිරීමේ වරදක් නොමැති බවත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී එම බලාගාරවල මෙහෙයුම් කටයුතුවල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුවිය යුතු බවත් ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට මෙරට විදුලි ඉල්ලූම සපුරා ගැනීම සඳහා වියදම් අධික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා ලංවිම රුපියල් කෝටි 90,000 ක පමණ පාඩුවක් ලබා සිටින බැවින් අඩු වියදම් සහිත බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ද ඔවුහු කියා සිටිති.

ඞීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 25, 30 වැනි මුදලක් වැය වන අතර සුළං බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 15 කට පමණ නිපදවාගත හැකි බව ද ඉංජිනේරුවෝ සඳහන් කරති.

වැඩි මිල ගණන්වලට විදුලි ඒකක මිලදී ගෙන ඊට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් වෙත විදුලිය විකිණීමට සිදුව තිබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන අතර 2030 වනවිට පුනර්ජනනීය ප්‍රභවයන් මගින් සියයට 70 ක් විදුලිය ලබාගත හැකි නම් එමගින් වාර්ෂිකව රටට රුපියල් කෝටි 500 ක් ඉතිරි වන බවට ගණන් බලා තිබේ.

ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය ද එම සමාගමට ලබාදීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka