gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්මන්පිල විමල්ලාගෙන් වෙන්වෙයි! වෙනම ගමනක් යන්න තීන්දු කරලාද?

පසුගිය කාලසීමාවේදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් සමග එක්ව කටයුතු කළ උදය ගම්ම්න්පිල මහතා මේ වනවිට එම කණ්ඩායමෙන් වෙන්ව කටයුතු කරන ආකාරයක් දැකගන්නට ඇත.

ඒ අනුව පසුගිය සති කිහිපයේම ගම්මන්පිල මහතා වීරවංශ පාර්ශ්වය සමග එක්ව කටයුතු කළ ආකාරයක් නොපෙණින.

ඒ බව මෙවර රාජ්‍ය රහස් තීරය වාර්තා කර තිබුණේ මෙසේය.

‘මීට සති දෙකකට ඉහතදී යුගදනවි ගිවිසුමට එරෙහිව ඇහැලියගොඩදී පැවැත්වූ මහජන සභා රැස්වීමේදී මෙම බැඳීමේ කිසියම් පළුද්දක් දැකගන්නට ලැබිණි. බොහෝ දෙනකුට එය නොපෙනුණද එම රැස්වීම දෙස වුවමනාවෙන් බැලූ සුළු පිරිසකට මෙම පළුද්ද ලොකුවට දැකගන්නට ලැබිණි. ඒ, වෙන මොකක්වත් නොව උදය ගම්මන්පිලගේ නොපැමිණීමය. විමල්, වාසු ඇතුළු අනෙකුත් කැරැලිකාර මැති ඇමැතිවරුන් ඊට සහභාගි වී සිටියද ගම්මන්පිලගේ මුහුණ එහිදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. නමුත් කිසිවකුත් ඒ පිළිබඳ ගම්මන්පිලගෙන් විමසන්නට හෝ ගම්මන්පිල ඒ පිළිබඳ කිසිවක් කියන්නට හෝ ගිය බවක් දැකගන්නට නොලැබිණි.

උසාවියේදීත් වෙනම!

ඉන් අනතුරුව යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විමල්, වාසු, ගම්මන්පිල යන තිදෙනා අධිකරණය හමුවට පැමිණ සිටියත් මේ තිදෙනා එකට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නඩුවට උසාවි පැමිණියත් විමල් වෙනම මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අතර, ගම්මන්පිලද සිය ප්‍රකාශය මාධ්‍යයට කළේ තනිවම වෙනම ස්ථානයකදීය. එහිදීද විමල්ලා, ගම්මන්පිලලා අතර කිසියම් මතගැටුමක් මතුව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
එමෙන්ම මෙම සිදුවීමෙන් පසු මෙතෙක් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා අතර සාකච්ඡාවක් පැවැති බවක් හෝ වාර්තා නොවීමද විශේෂ සිදුවීමකි.’
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka