‘ප‍්‍රියන්ත ඝාතනය සාමාන්‍ය දෙයක්.. මුස්ලිම් තරුණයන් කෝපවුණාම ඔහොමයි.. ගණන් ගන්න එපා..’ පකිස්තාන ආරක්‍ෂක ඇමති කියලා..- සරත් වීරසේකර
ප්‍රියන්ත කුමාර දියවඩන මහතා පකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනය වීම පිළිබඳව එරට ආක්ෂක අමාත්‍යවරයා කලා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විරෝධය දක්වයි.
මෙවන් සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් මුස්ලිම් තරුණයන් ආවේගශීලීව මෙවන් දේවල් කරන බවත් එය ගණන් ගත යුතු නැති බවටත් පකිස්ථාන ආරක්ෂක ඇමතිවරයා පවසා ඇතැයි තොරතුරු ඇති බවත් සඳහන් කළේය.
ඒ තොරතුරු සත්‍ය නම් තමන් එයට විරෝධය පළ කරන බව ද කී අමාත්‍යවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ලාංකිකයන් ගෙන් සමාව ගන්නා ලෙස පකිස්තාන ආරක්‍ෂක ඇමතිවරයාට දන්වන බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අභාවප්‍රාප්ත ප‍්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
‘ප්රියන්ත ඝාතනය සාමාන්‍ය දෙයක්.. මුස්ලිම් තරුණයන් කෝපවුණාම ඔහොමයි.. ගණන් ගන්න එපා..’ පකිස්තාන ආරක්‍ෂක ඇමති කියලා..- සරත් වීරසේකර
2021-12-08T06:55:00+05:30
Gossip Lanka Hot News





