gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මං එපා කියලා කෑගැහුවා, ඒත් ඕ.අයි.සී මට ලිංගික හිංසන කළා” - දේශපාලන මැදිහත්වීමෙන් ඕ.අයි.සී වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකගේ පැටිකිරිය එලියට

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළැයි කියන සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා හෙට(28) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගිය 25වනදා නියෝග කළේය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිස් ස්ථානාධිපතිවරයාගේ අතවරයට ලක්වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරිය තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙලෙස පවසා ඇත.

“මං රාජකාරි ඉවර කරලා භට නිවාසේ ළඟ වැලේ රෙදි වන වන ඉන්න කොට ඕ.අයි.සී මහත්තයා එයාගේ නිල නිවාසය ළඟ ඉඳගෙන මට කතා කළා.

මං හිතුවා රාජකාරි වැඩකට කියලා. ඕ.අයි.සී මහත්තයා මට කාමරේ ඇතුළට එන්න කියලා ලිංගික හිරිහැර කරන්න පටන් ගත්තා.

මං එපා කියලා කෑගැහුවා. ඕ.අයි.සී මහත්තයාගෙන් බේරිලා යන්න හැදුවා. ටික වෙලාවකට පස්සේ මං කාමරෙන් එළියට පැන ගත්තා. මම ලිංගික හිරිහැර ගැන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට පැමිණිලි කළා.”

විමර්ශනවලදී අනාවරණයවී ඇති අන්දමට මෙම පොලිස් කොස්තාපල්වරිය ඇගේ මුල්ම පත්වීම ලෙස ගන්දර පොලිසියට පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරයි.

පසුගිය 25 වනදා උදෑසන මෙම නිලධාරිනිය රාජකාරි නිමකර ඇය නවාතැන් ගෙන සිටින පොලිස් භට නිවාසය වෙත ගොස් ඇඳුම් කීපයක් අව්වට දැමීමට පැමිණ තිබේ.

මෙම නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවාසයට යාබදව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස පිහිටා ඇති අතර එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිල නිවසේ සිට ආධුනික පොලිස් කොස්තාපල්වරියට කතා කර තිබේ.

 එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස අසලට ගොස් ඇති අතර එකවරම ස්ථානාධිපතිවරයා ඇය සිය ග්‍රහණයට ගෙන ආධුනික නිලධාරිනියව සිප වැළඳ ගනිමින් ස්පර්ශ කරමින් ඇයට විවිධ ලිංගික හිරිහැර සිදුකර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.

සුළු වේලාවකට පසු එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයාගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් ඇත. 

ඇය මේ පිළිබඳව ගන්දර පොලිසියේම රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට පැමිණිලි කර තිබේ.

අනතුරුව එම නිලධාරිනිය විසින් මේ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට දැනුම්දී තිබේ.

ඒ අනුව අතවරයට ලක් නිලධාරිනිය ඇය සමඟ රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු සමඟ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත. 

අනතුරුව විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ස්ථානාධිපතිවරයා මීට පෙරද පොලිස් ස්ථාන කීපයකම රාජකාරි කරන අතරතුදී විවිධ චෝදනාවන්ට ලක්වූ අයෙකි.

මීට පෙර වැඩ තහනමට ලක්ව සිටි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපතිධුරය ලබාගෙන තිබෙන්නේ දකුණු පළාතේ තරුණ දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත බවද අනාවරණයවී ඇත.

 තම පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසි අදාළ තරුණ දේශපාලනඥයා තම අභිමතය පරිදි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපතිධුරය සඳහා පත්කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරියාට ගන්දර ස්ථානාධිපතිධුරය ලබාදීමට පොලිස්පතිවරයා විරෝධය පළකර ඇතත් තරුණ ඇමැතිවරයාගේ බලපෑම මත ඔහුට එම තනතුර ලැබී තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka