යුගදනවි ගිවිසුම තමන්ද නොදැක්ක බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ තමාට එම ගිවිසුම දැක ගැනීමට අවශ්‍ය නොවූ බවත් කැබිනට් අනුමැතිය හිමිවූ පසු ගිවිසුමේ ඇති කරුණු සෙවීමට අවශ්‍ය නොවූ බවත්ය.
“ඔය ගිවිසුම මම නම් දැක්කේ නැහැ. ඉතින් ඒ ගිවිසුම හරි ගිවිසුමද නැත්නම් හොර ගිවිසුමක්ද මොකක්ද කියන එක මම දැන්නේ නැහැ. හැබැයි යුගදනවි එක මේ රටට අවශ්‍ය කරන ඉතාමත් හොඳ දෙයක්. මේ ගිවිසුම අත්සන් කරන්න කැබිනට් එක අනුමැතිය දීලා තියනවානේ. එතකොට කැබිනට් ඇමතිවරයෙක් හැටියට මම ගිහිල්ලා ගිවිසුමේ මොනවාද තියෙන්න ඕනේ දේවල් කියලා හොයන්න අවශ්‍ය නැහැ. ඒක තමයි විශ්වාසය.” යැයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් සඳහන් කරයි.