gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''රට රැක ගැනීම ඇමති තනතුරට වඩා ලොකුයි'': ගම්මන්පිල කියයි

නිව් ෆෝට්‍රස් එනර්ජි ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙහි සාකච්ඡා නොවුණු බවට අධිකරණය ඉදිරියේ සඳහන් කළේ සත්‍යය පමණක් යැයි බලශත්කි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ තමා ඇතුළු පිරිස වරදක් කර නොමැති අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්විය යුත්තේ, වරදක් කර ඇත්නම් පමණක් යැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, රටට ආදරය කිරීම වරදක් යැයි නොසිතන බව ය.

තමා ඇතුළු පිරිස එලෙස අධිකරණය වෙත ගියේ අමාත්‍ය ධූරය අහිමි වීමේ අවදානම සහිතව බව ද ඔහු පැවසී ය.

"යම් හෙයකින් අධිකරණය වෙත ගොස් කරුණු ඉදිරිපත් කිරීම වරදක් යැයි සිතනවා නම් තමා ඇතුළු පිරිස අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම පිළිබඳව අපට කිසි ම ප්‍රශ්නයක් නෑ" යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, "රට රැක ගැනීම ඇමති තනතුරට වඩා ලොකුයි" යනුවෙනි.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන තිදෙනා යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් වූ කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට යාම සහ එම කැබිනට් තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වරදක් බවට ජනාධිපතිවරයා ඊයේ (දෙසැ. 27) පුවත්පත් කතෘවරුන් සමග පැවති හමුවේදී සඳහන් කර තිබුණු බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, සාමූහික තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම සුදුසු බව තමාගේ අදහස වන බව ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka